ධාතුන් වහන්සේ ලා වන්දනාව - August 3rd 2024

නමෝ බුද්ධාය , වස්සාන පින්කම් මාලාවේ දෙවනි පින්කම 2024 අගෝස්තු මස 03 වන සෙනසුරාදා පින්වත් රවී මහත්මා,මංගලා මහත්මිය ,දර්ශී දියණිය,දිනෙත් පුතනුවන් ඇතුලු පවුලේ පින්වතුන් මූලික දායකත්වයෙන් හා කැලිෆෝනියා මහමෙව්නාව අසපුවේ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අසිරිමත් සුගන්ධ කුටි වන්දනාව සිදු කෙරුනා. සිරි ගෞතම සුගන්ධ කුටියේ විරාජමානව වැඩ සිටින අපගේ අසහාය වූ අසමසම වූ ලෝකයේ එකම ඇස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ උතුම් කේශ ධාතුන් වහන්සේ ලා උදෙසාත් ශාරීරික ධාතුන් වහන්සේ ලා උදෙසාත් අප මුණිදුන්ගේ දෙපසින් වැඩ සිටි මහොත්තම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා උදෙසාත් ගෞතම සසුන සෝභමාන කල අසුමහා ශ්‍රාවක ධාතුන් වහන්සේ ලා උදෙසා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුලු ජම්බුද්වීපවාසී ලංකාදීප වාසී මහ රහතන් වහන්සේ ලා ගේ ධාතුන් වහන්සේ ලා උදෙසා විශේෂ පුෂ්ප පූජාවන් බෙහෙත් ඖෂධ පූජාවන් අටපිරිකර සහිත නොයෙක් පූජාවන් ගෙන් පූජා පවත්වා අප්‍රමාණ පින් ඵල නෙලා ගන්න ට වාසනාව උදා උනා. මේ සියලු පින් අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහ සගරුවන ට අනුමොදන් වෙත්වා!!! දායකත්වය දැරූ පින්වතුන් ඇතුලු සැදැහැ සිතින් සහභාගී වූ ආධාර උපකාර කල අනුමොදන් වූ සියලු දෙනාම මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා !!! මෙ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා

අසිරිමත් ත්‍රිපිටක සජ්ඣා‍යනාව - July 27th 2024

නමෝ බුද්ධාය පින්වත්නි, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සුපිහිටි මහමෙව්නාව භාවනා අසපුවේ උදා වූ පින්බර වස්සාන සමයේ පවත්වන පින්කම් මාලාවේ ආරම්භක පින්කම 2024 ක්වූ ජූලි මාස 27 සෙනසුරාදා සවස් කාලය පුරාවට අසිරිමත් ත්‍රිපිටක සජ්ඣා‍යනාවක් සිදු කරන්න ට යෙදුනා.මනරම් සදහම් මණ්ඩපය ක් කරවා ඒ මත භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් කරඩුන් වහන්සේ ත් පිලිම වහන්සේ ත් වඩා හිදුවා ත්‍රිපිටක පොත් වහන්සේ ලා මහත් හරසරින් වඩමවා ආසනයේ තැම්පත් කරවා මේ උතුම් පින්කම සිදු කරන්න ට යෙදුනා. බුද්ධානුස්සති භාවනාව ත් මහා සතිපට්ඨාන සූත්‍ර විග්‍රහය ත් සිදු කරන්න ට යෙදුනා . මේ අයුරින් රැස් කල සියලු පින් අපට සදහම් මග විවර කොට දුන් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනුමොදන් වෙත්වා !!! මහමෙව්නාවාසී ලෝවාසී සගරුවනද අනුමොදන් වෙත්වා !!! පින් කැමති සුවසේ දෙනාම සතුටින් අනුමෝදන් වෙත්වා !!! මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරගනිත්වා!!!

වස් ආරාධනාව පිනකම - July 2024

නමෝ බුද්ධාය පින්වත්නි , ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සුපිහිටි ධම්මවුඩ් මහමෙව්නාව භාවනා අසපුවේ 2024 ක්වූ ජූලි මස 21 වන ඉරු දින හිමිදිරි උදෑසන අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ උතුම් ධාතුන් වහන්සේ ලා ප්‍රමුඛ අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ධාතුන් වහන්සේ ලා උදෙසාත් සත්බුදු රජානන් වහන්සේලා උදෙසා ත් විජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත් ප්‍රනීත කිරිපිඩු පූජාව ,ඵලවැල පූජාව, කැවිලි, විලද මීපැණි ,ගිලන්පස, භෝජන දානය, අතුරුපස සහිතව නොයෙක් පූජාවන් ගෙන් පූජා පවත්වන්නට යෙදුනා . ඉන් අනතුරුව සබ්‍රහ්මක සූත්‍රය ඇසුරෙන් මනරම් සදහම් දේශනාව ත් බුද්ධානුස්සති භාවනාවත් මෛත්‍රී භාවනාව ත් සිදු කරන්න ට යෙදුනා. ඉන් අන්තුරුව දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣා‍යනාව ත් සච්ච විභංග සූත්‍රය ඇසුරින් මනරම් සදහම් දේශනාව ත් ධාතු මනසිකාර භාවනාවත් සිදු කරන්න ට යෙදුනා . ඉන් අනතුරුව අසපුවේ යොවුන් සභාවේ පින්වත් තරුණ දරුවන් විසින් මහා සගරුවන ට වස් වාසය කිරීම පිනිස වස් ආරාධනාව සිදු කලා. මේ අයුරින් මාසික සීල භාවනා වැඩසටහන පැවැත්වීමෙන් වස් ආරාධනාව සිදු කිරීමෙන් රැස්කළ සියලු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා !!!.

අසිරිමත් ධාතු වන්දනාව පිනකම - May 4th 2024

ඇමරිකා එකසත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සුපිහිටි මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවත් පින්වතුන් උතුම් ත්‍රිවිධ මංගල්‍යය උදාවුන මේ උතුම් වෙසක් මාසයේ එනම් මැයි මස 04 වන සෙනසුරාදා දින සුගන්ධ කුටියෙහි විරාජමානව වැඩසිටින අපගේ දසබලධාරී අංගීරස සුගත තථාගත බුදු සමිදුන් ගේ කේෂ ධාතුන් වහන්සේ ලා උදෙසාත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ ලා උදෙසාත් අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ධාතුන් වහන්සේ ලා උදෙසාත් මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ප්‍රමුඛ දඹදිව්වාසී ලංකවාසී මහ රහතන් වහන්සේ ලාගේ උතුම් අරහන්ත ධාතුන් වහන්සේ ලා උදෙසාත් නොයෙක් අයුරින් පුද දෙමින් අසිරිමත් ධාතු වන්දනාව පිනකමක් පවත්වන්නට යෙදුනා . මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමොදන් වෙත්වා ! ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝවාසී සගරුවන අනුමෝදන් වෙත්වා ! මේ පින්කම් සිදුකල දැකබලා අනුමොදන් වෙන සියලු දෙනාට මේ පින් අනුමොදන් වෙත්වා ! සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා..!

Paritta Chanting Ceremony and Sangha Dana on March 23rd and 24th 2024