වස් ආරාධනාව පිනකම - July 2024

නමෝ බුද්ධාය පින්වත්නි , ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සුපිහිටි ධම්මවුඩ් මහමෙව්නාව භාවනා අසපුවේ 2024 ක්වූ ජූලි මස 21 වන ඉරු දින හිමිදිරි උදෑසන අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ ගේ උතුම් ධාතුන් වහන්සේ ලා ප්‍රමුඛ අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ධාතුන් වහන්සේ ලා උදෙසාත් සත්බුදු රජානන් වහන්සේලා උදෙසා ත් විජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත් ප්‍රනීත කිරිපිඩු පූජාව ,ඵලවැල පූජාව, කැවිලි, විලද මීපැණි ,ගිලන්පස, භෝජන දානය, අතුරුපස සහිතව නොයෙක් පූජාවන් ගෙන් පූජා පවත්වන්නට යෙදුනා . ඉන් අනතුරුව සබ්‍රහ්මක සූත්‍රය ඇසුරෙන් මනරම් සදහම් දේශනාව ත් බුද්ධානුස්සති භාවනාවත් මෛත්‍රී භාවනාව ත් සිදු කරන්න ට යෙදුනා. ඉන් අන්තුරුව දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣා‍යනාව ත් සච්ච විභංග සූත්‍රය ඇසුරින් මනරම් සදහම් දේශනාව ත් ධාතු මනසිකාර භාවනාවත් සිදු කරන්න ට යෙදුනා . ඉන් අනතුරුව අසපුවේ යොවුන් සභාවේ පින්වත් තරුණ දරුවන් විසින් මහා සගරුවන ට වස් වාසය කිරීම පිනිස වස් ආරාධනාව සිදු කලා. මේ අයුරින් මාසික සීල භාවනා වැඩසටහන පැවැත්වීමෙන් වස් ආරාධනාව සිදු කිරීමෙන් රැස්කළ සියලු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලබත්වා !!!.

අසිරිමත් ධාතු වන්දනාව පිනකම - May 4th 2024

ඇමරිකා එකසත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සුපිහිටි මහමෙව්නාව භාවනා අසපුවේ සැදැහැවත් පින්වතුන් උතුම් ත්‍රිවිධ මංගල්‍යය උදාවුන මේ උතුම් වෙසක් මාසයේ එනම් මැයි මස 04 වන සෙනසුරාදා දින සුගන්ධ කුටියෙහි විරාජමානව වැඩසිටින අපගේ දසබලධාරී අංගීරස සුගත තථාගත බුදු සමිදුන් ගේ කේෂ ධාතුන් වහන්සේ ලා උදෙසාත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ ලා උදෙසාත් අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක ධාතුන් වහන්සේ ලා උදෙසාත් මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ප්‍රමුඛ දඹදිව්වාසී ලංකවාසී මහ රහතන් වහන්සේ ලාගේ උතුම් අරහන්ත ධාතුන් වහන්සේ ලා උදෙසාත් නොයෙක් අයුරින් පුද දෙමින් අසිරිමත් ධාතු වන්දනාව පිනකමක් පවත්වන්නට යෙදුනා . මේ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමොදන් වෙත්වා ! ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝවාසී සගරුවන අනුමෝදන් වෙත්වා ! මේ පින්කම් සිදුකල දැකබලා අනුමොදන් වෙන සියලු දෙනාට මේ පින් අනුමොදන් වෙත්වා ! සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා..!

Paritta Chanting Ceremony and Sangha Dana on March 23rd and 24th 2024